Sunday, May 29, 2011

31 භූමි තල වර්ණ නිරූපණ

31 භූමි තල වර්ණ නිරූපණය |

ශරීරයේ සියලු ධාතු කොටස් වර්ණ නිරූපන

thanks to http://dharmanidhaana.wordpress.com
සුලබව සොයා ගත නොහැකි මෙම නිරූපන සියල්ල භාවනා මධ්‍යස්ථාන, පන්සල්, පිරිවෙන්, සියලු බෞද්ධ ස්ථානයන්හී ප්‍රදර්ශනය කරවීම,අදාල කමටහන් පොත් වහන්සේ බෙදා හැරීම ඉතාම උතුම් ධර්ම දානමය කුසල කර්ම වේ. ධාතු මනසිකාර සතිපට්ඨාන භාවනාවෙහි යෙදෙන ගිහි පැවිදි සියල්ලන්ට කරන මහත්ම වූ උපකාරයකි. එම පින් කටයුත්ත ගැන සිතා බලන්න.
අප අඩවියේ පළ කල පහත රූප සමූහය ඇසුරෙන් Kanishka Dilshan පින්වතා විසින් සම්පාදනය කර න ලද pdf ගොනුව.  නිරූපන වැඩි දියුණු කරමින් කල මෙම ධර්ම දානමය පුණ්‍ය ශක්තිය ඒ මහතාට ප්‍රාර්ථනා බෝධියකින් සුවසේ නිවන් අවබෝධ කර ගැනීමට උපකාරී වේවා!

ප්‍රඥා භාවනාවට සරලව උපදෙස් බුදු බව පතන උතුමෙක් වෙතින්

සතිපට්ඨාන ධාතුමනසිකාර භාවනා
විශාල වීම සඳහා පින්තූර මත Click කරන්න
ශරීරයේ සියලු ධාතු කොටස් වර්ණ නිරූපන යටතේ අප විසින් ඔබට ඉදිරිපත් කරන ලද්දේ බුදු පියාණන් වහන්සේ විසින් තමාගේ උසස්ම ප්‍රඥාවන්තයන්ට පිළිපැදීමට නියම කරන ලද, කායගතාසති භාවනාවට උපකාරක ද්වා චත්තාලීසාකාරය (42) ලෙසද හඳුන්වන ශරීරයේ ධාතු කොටස් 42, ඒවාට අදාල උපමා හා උපදින හේතු සියල්ලයි. ධර්මයේ පංචස්කන්ධයටම , ඉතා අරුත්බර උපමා, බුදු පියාණන් වහන්සේ විසින් වෙන වෙනම සපයා ඇත. එයින් අපගේ මෙම රූප කය අයත්වන රූප උපාදාන ස්කන්ධය උපමා කර ඇත්තේ පෙණ පිඩකටයි. එය ඔබට හොඳින් මතක තබාගැනීම පිණිස මෙම පොතේ පිට කවරය නිර්මාණය කර ඇත.
එම භාවනාව කිරීමේ ආනිසංස සපයා ඇති වි. පොතේ (E-Book) දැක්වෙන්නේ මෙලෙසයි.
ධාතුමනසිකාර භාවනා ආනිසංස
විශාල වීම සඳහා පණිවුඩය මත Click කරන්න
විදර්ශනා භාවනාව නිවනට ඇති කෙටිම මගයි. සමථ භාවනාවෙන් පටන් ගත යුතුමයි කියා නියමයක් ද නැත. එය පරම පූජනීය රේරුකානේ චන්දවිමල මහනාහිමි පැහැදිලි කරන්නේ මෙලෙසයි.
මහ නාහිමි අවවාදය
විශාල වීම සඳහා පණිවුඩය මත Click කරන්න
මෙම වි. පොත හා නිරූපන උපරිමයෙන් උපයෝගී කරගෙන, ඔබට මේ භවයේදීම මාර්ග ඵල ලඟා කර ගැනීමේ වාසනාව ඇතිදැයි අත්හදා බලන්න. මාර්ග ඵල ලාභියා වනාහී කිසිවිට මරණයට බිය වන්නෙක් නොවේ. මක් නිසාද? එම උතුමෝ කිසිවිට ඉදිරියේ දුගති උප්පත්ති නොලබන බැවිනි. මිය යන විට නියත ගති සහිතව මිය ගියා වන්නේ එවන් උතුමන් පමණි.  සෝවාන් ඵලයේ පමණක් වටිනාකම අප විසින් කලින් ඉදිරිපත් කරන ලදි. එය අසා, කියවා බලා, මෙම දුර්ලභ මිනිස් භවය උපරිම ඵලදායීතාවයට පත් කර ගැනීමට අදම වෙහෙස වීමට පටන් ගන්න.

Personality Building: පෞර්ෂ වර්ධනයට නොවරදින මගක් ඇතිද?

අද ලෝකයේ බොහෝ දෙනෙක්ට ඇති විශාල උවමනාවක් නම් සිය පෞර්ෂය වර්ධනය කර ගැනීම (Personality Building) බව අපට පෙනෙන පැහැදිළි කරුණකි. මේ සඳහා උවමනාව ඇත්තවුන් නොකරන වියදමක් නැත. සම්මන්ත්‍රණ, වැඩමුළු, පාඨමාලා, සහතික ආදී, එකී, මෙකී, නොකී දහසකුත් එකක් දේ මේ වෙනුවෙන්ම නිර්මාණය වී ඇත්තේ එහි ඇති වෙළඳ වටිනාකම දකින්නෝද දිනෙන් දිනම වැඩි වන බැවිනි. අවාසනාවක මහත, මෙසේ වෙළඳපොළක් උපදවන, ඉගැන්වීම් කරන, සහතික ප්‍රධානය කරන කිසිවෙකුත්, එය තවෙකෙකුගේ ගොඩ නැගීමට පෙර, වෙනකක් තබා, 100% නිවැරදිව, කිසිවෙකුටත් අභියෝග කල නොහැකි ලෙස, පෞර්ෂත්වය යන්න අර්ථ නිරූපනයක් ඉදිරිපත් කිරීමටවත් සමත් වෙතැයි අපි නම් නොසිතමු. මන්ද?..එම ඉගැන්වීම් සියල්ල,..පැහැදිලිවම අඳුරේ අත පත ගෑම් විනා කිසිදු ගැඹුරක් නොමැති, බටහිරයන් විසින් හරි යයි සිතා ගත්, ගෙඩි පිටින් ආනයනය කර මෙරට වෙළඳ පොළට අත හරින අරුත් සුන්, ප්‍රථිඵල කිසිවක් නොලැබෙන ක්‍රමයන් පමණක් බැවිණි.
පෞර්ෂ වර්ධනය යනු, ඒකාන්තයෙන්ම සෑම අයෙක්ම නොවැරදීම ලබා ගත යුතුම අතිශය වටිනා දෙයකි. පෞර්ෂත්වය යනු කුමක්දැයි, අපි අපගේ අර්ථ කථනය මෙසේ ඉදිරිපත් කරමු. මෙහි සියුම් හෝ දොසක් ඇතොත් එය පෙන්වා දෙන ලෙසද ඕනෑම අයෙක්ට අපි ආරාධනා කරමු.
ඕනෑම පුද්ගලයෙකුගේ පෞර්ෂත්වය තුන් ආකාර වේ. එනම් එම පුද්ගලයාගේ මානසික පෞර්ෂත්වය, කායික පෞර්ෂත්වය හා වාචසික පෞර්ෂත්වයයි. පුද්ගලයෙක් එම තුන් ආකාරයෙන්ම ඉහලට යන්නේ නම් පමණක් පෞර්ෂ වර්ධනයක් වන බව මේ අනුව තේරුම් ගත යුතු වේ. මෙවායින් , කායික හා වාචසික යන පෞර්ෂත්ව කොටස් බාහිර ලෝකයාටද පෙනෙන දැනෙන දේවල් වන අතර, මානසික පෞර්ෂත්ව මුළින්ම දැනෙන්නේ තමාටම පමණි. ක්‍රමයෙන් එය තමාගේ සමීපතමයන්ටද, අනතුරුව ලෝකයාටද දැනෙන විට තමා ඉතා සතුටු දායක පෞර්ෂත්වයක හිමි කරුවෙක් බව තමාටම සතුටු විය හැකි තත්වයට පැමිණේ. මෙම තුන් ආකාරයේ පෞර්ෂත්ව වර්ධනය කර ගැනීම පිණිස කල යුත්ත ඉතාම පැහැදිළිය. එනම් එම තුන් ආකාරයෙන් එක එකක් හරහා සිදුවිය හැකි භයානක වැරදි වළකා ගැනීමයි.
 වළකා ගැනීමට නම් ඒවා මොනවාදැයි  මුළින්ම හඳුනාගත යුතුය. මුලින්ම අපි වචනයෙන් යමෙක් අතින් සිදු විය හැකි භයානක වැරදි මොනවාදැයි බලමු. වාසනාවකට ඒවා ඇත්තේ 4 ක් පමණි.
1. බොරු කියන්නෝ මෙලොවම නින්දාවට භාජනය වෙති. අන්‍යයන් විසින් අවිශ්වාස කරනු ලබති. සමහර විට බොරු කීම නිසා දඬුවම් ද ලබති. එබැවින් උසස් පෞර්ෂත්වයක් උවමනා කවරෙක් වුවද, බොරු කීමෙන් උපරිම වැර යොදා වැළකිය යුතු බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඔබට වාචසික පෞර්ෂත්වය ගොඩ නගා ගැනීමට නම්, මතක තබා ගත යුතු පළමු වන නීතිය, හැකි උපරිමයෙන් බොරු කීමෙන් වලකින්න.
2. කේළාම් කීම යමෙක්ගේ වාචසික පෞර්ෂත්වයට දෙවනුව හානිදායකම වැරැද්දයි. සත්‍යයක් හෝ අසත්‍යයක්, හුදෙක් අනුන් බිඳවීමේ චේතනාවෙන්ම කීම වාචසික පෞර්ෂත්වය වනසා ගැනීමට හේතු වේ. මෙහිදී ප්‍රවේශමෙන් තේරුම් ගත යුත්ත නම්, යමෙකුට විය හැකි අන්තරාවකින් මුදවාගැනීමේ පරම පවිත්‍ර චේතනාවෙන් යමෙක් සත්‍යක් ප්‍රකාශ කල විට, එයින් පුද්ගලයන් අතර බිඳීමක් ඇති වුවද, එයින් වාචසික පෞර්ෂයට හානියක් නොවන බවයි. ඔබට වාචසික පෞර්ෂත්වය ගොඩ නගා ගැනීමට නම්, මතක තබා ගත යුතු දෙවන නීතිය, අනුන් බිඳවීමේ චේතනාවෙන් කේළාම් නොකියන්න.
3. නපුරුවචන කීමෙන් අනුන්ගේ සිත් රිදවීමට ලක්වේ. කියන්නා කෙරේ අප්‍රසාදයක් මතු වීම වැලකිය නොහැක. එවිට එය කියූ තැනැත්තාගේ පෞර්ෂත්වයට කරන හානිය ද නොවැලැක්විය හැකිය. ඔබට වාචසික පෞර්ෂත්වය ගොඩ නගා ගැනීමට නම්, මතක තබා ගත යුතු තුන්වන නීතිය, හැකි උපරිමයෙන් නපුරු වචනයෙන් වලකින්න.
4. හිස් වචන හෙවත් සම්ඵප්‍රලාප යනු කියන්නාට හෝ අසන්නාට යන දෙදෙනාටම ප්‍රයෝජනයක් නොමැති කතා බැවින්, එයින් දෙදෙනාගේම වටිනා කාලය විනාශ කර දැමේ. මේ හේතුවෙන් වැදගත් වැඩ අතපසු වූ විට, හිස් වචන කියූ අය පිළිබඳ යහපත් ආකල්ප ගොඩ නොනැගේ. එය එම පුද්ගලයාගේ  පෞර්ෂත්වයට විශාල හානියකි. එබැවින් ඔබට වාචසික පෞර්ෂත්වය ගොඩ නගා ගැනීමට නම්, මතක තබා ගත යුතු හතරවන හා අවසාන නීතිය, හැකි උපරිමයෙන් හිස් වචනයෙන් වලකින්න.
දෙවනුව අපි කායික පෞර්ෂත්වය ගොඩ නගා ගැනීම කෙසේ කල හැකි දැයි බලමු. මෙහිදී ඔබ ප්‍රවේශම් විය යුතු කයින් සිදුවිය හැකි භයානක වැරදි තුනකින් අඩුම තරමින් වැලකීම ප්‍රමාණවත් වේ.
1. සතුන් මැරීම, අද ලෝකයේ ඉතා සාමාන්‍ය දෙයක් වන තරමටම සුලභ වී තිබේ. මෙයට හේතු වී ඇත්තෙ, එහි විපාක එම මොහොතේම නොලැබීමයි. මිනිසුන් මරා දමන්නවුන් ලෝකයා විසින් ඉතාම පිළිකුල් කරනු ලබයි. වෙනත් සතුන් මරන්නෙක් වුවද සමාජය විසින් කිසි විටකත් උසස් ලෙස පිළි නොගනී. මස් කඩ කාරයා, මස් මරන්නා, බිළී වැද්දා යනාදී වශයෙන් රැකියා නම පවා සමච්චල් ආකාරයටම ඔවුන්ට යෙදීම ස්වභාවිකවම සිදුවේ. එය කිසිසේත්, උසස් පෞර්ෂයක් අවැසි පුද්ගලයෙක් බාර ගැනීමට කැමති වන තත්වයක් නොවේ. ඔබට  කායිකපෞර්ෂත්වය ගොඩ නගා ගැනීමට නම්, මතක තබා ගත යුතු පළමු වන නීතිය, හැකි උපරිමයෙන් සතුන් මැරීමෙන් වලකින්න.
2. සොරකම් කරන්නා බොහෝ නින්දා ලබන්නෙක් වේ. අත් පා ගල් පොලු ආදියෙන් පහර ලබයි. සමහර විට අනුන්ගේන් පහර කා තිරිසනුන් සේ තැන් තැන් වල මැරෙති. උසස් රැකියාවක් කරන්නෙක් වුවද, සිය බලතල භාවිත කරමින් සොරකම් කල විට එම පුද්ගලයා සමාජය විසින් ප්‍රතික්ෂේප කරනු ලබයි. මෙය පෞර්ෂය ගැන සැලකිලිමත් කිසිවෙකුත් විසින් මුහුණ දීමට කැමති දෙයක් නොවේ.  ඔබට කායික පෞර්ෂත්වය ගොඩ නගා ගැනීමට නම්, මතක තබා ගත යුතු දෙවන නීතිය, කිසිවිට සොරකම් නොකරන්න.
3. අයථා ලිංගික සබඳතා පුද්ගලයන්ට කරන හානිය සුලු පටු නොවේ. මොවුන් නින්දාවට භාජනය වේ. ඉතා දරුණු ලෙස පහර කයි. මරණයට පවා පත් වෙයි. නීතියෙන් පවා දඬුවම් ලබයි. එවන් අයෙක් කිසිසේත් උසස් පෞර්ෂයකට හිමි කම් කියන්නෙක් නොවේ.  එබැවින් ඔබට කායික පෞර්ෂත්වය ගොඩ නගා ගැනීමට නම්, මතක තබා ගත යුතු තුන්වන හා අවසාන නීතිය, අයථා ලිංගික සබඳතා වලින් වලකින්න.
තෙවනුව කිසිවෙකුටත් නොපෙනෙන, ඔබ විසින් ගොඩ නගා ගත යුතු මානසික පෞර්ෂත්වය කුමක්දැයි බලමු. මෙහිදී ද ඔබ ප්‍රවේශම් විය යුතු මනසින් සිදුවිය හැකි භයානක වැරදි තුනකින් වැලකීම කල යුතුය
1. දැඩි සේ කෝප වීම, අනුන් නැසේවා යැයි සිතීම කරන්නා කිසිවිට ප්‍රසන්න මානසිකත්වයක් හෝ පෙනුමකට හිමිකම් කියන්නෙක් නොවේ. මුහුණ හදවතේ කැඩපත ලෙසද හැඳින්වෙන බැවින් එවන් පුද්ගලයන්ට හොඳ පෞර්ෂයක් යනු සිහිනයක් පමණි. ඔබට  මානසික පෞර්ෂත්වය ගොඩ නගා ගැනීමට නම්, මතක තබා ගත යුතු පළමු වන නීතිය, හැකි උපරිමයෙන් කෝප ගැනීමෙන් වලකින්න.
2. අන් සතු වස්තුවට දැඩි සේ ඇලුම් කරන්නා අතින් නිවැරදි කල නොහැකි සේ දරුණු වැරදි සිදුවේ. වාචසික, කායික පෞර්ෂත්වයන් වනසන ක්‍රියාවලට අඩිතාලම මෙයින් යෙදෙන බැවින්, ගොදුරු වන්නා ගේ පෞර්ෂ වර්ධනයට එය දැඩි බාදාවකි. ඔබට  මානසික පෞර්ෂත්වය ගොඩ නගා ගැනීමට නම්, මතක තබා ගත යුතු දෙවන නීතිය, හැකි උපරිමයෙන් අන් සතු වස්තුවට ඇලුම් කිරීමෙන් වලකින්න.
3. මිථ්‍යාදෘෂ්ටිය හෙවත් බුදු දහමේ පරම සත්‍ය පිළි නොගැනීම යම් පුද්ගලයෙකුගේ මානසික පෞර්ෂත්වය වනසා දමන තුන්වන කාරණයයි. මෙය ලබා ගැනීම නම් ඉතාම දුෂ්කර වූවකි. බෞද්ධයන් පවා විවිධ මිථ්‍යාදෘෂ්ටීන්ගේ ගොදුරු බවට පත් වීමේදී අනෙකුත් කලින් කාරණාද සමඟ මෙයින් ජය ගන්නා උත්තම පුද්ගල තත්වයටම පත් වන්නෙක් වේ. පෞර්ෂත්වය කෙතරම් බලගතු දැයි කීවොත්, කොටින්ම ලෝක පූජිත වේ. බුදු, පසේ බුදු, මහ රහතන් වහන්සේලා මුළු ලෝකයේම පූජාවන්ට පාත්‍ර වන්නේ මෙම අසම සම පෞර්ෂත්වය නිසාම බව ඔබ තේරුම් ගත්තාද? ඔබට මානසික පෞර්ෂත්වය ගොඩ නගා ගැනීමට නම්, මතක තබා ගත යුතු තුන්වන හා අවසාන නීතිය, ලොව්තුරා බුදු පියාණන් වහන්සේ දෙසූ ලෙස මිථ්‍යාදෘෂ්ටිය ප්‍රහාණය කිරීමේ ප්‍රතිපදාවේ යෙදෙන්න.
ඉහත පෞර්ෂ වර්ධනය, අපගේ සොයා ගැනීමක් නොව, අමා මෑණී, ලොව්තුරා බුදු පියාණන් වහන්සේ විසින් දේශිත බුදු දහමේ මූලික හරයයි. පහත ධර්ම පතිකාවද හොඳින් විමසා බලන්න. ඔබ දස අකුසල් කර්ම පථ වලින් වැලකීමට උත්සාහ කරන්නෙක් නම් ඔබ දැනටමත් එම උතුම් පෞර්ෂත්වය දිනා ගැනීම පිණිස උත්සාහ කරන්නෙකි.
දස අකුසල් කර්ම පථ, සතර පොහොය, ජවන් සිත් 7 හි විපාක බලය
විශාල වීම සඳහා පත්‍රිකාව මත Click කරන්න

දින පතා ඔබ, තිසරණය යාමෙන් පසු, මෙම කාරණා සියල්ල ඇතුලත් වනසේ ඔබ ගේ ශීල සමාදානය ලෙස තමාටම පහත කාරණා සපථ කර ගන්න. ඔබගේ පෞර්ෂ වර්ධනය කිසිවෙකුටත් වැළකිය නොහැකි ලෙස නොමිළේම සිදු වේවි. පෘතග්ජන අපගෙන් කළින් ඕනෑ තරම් වැරදි සිදු වී තිබිය හැක. ඒවාට කණගාටු වීමද කෙළෙස්ම පමණක් බැවින් (කුක්කුච්ඡ ) අපගේ ශීල සමාදානය පහත පරිදි ඉතා පිරිසිඳුව, ඒ නික්ලේශී රහතන් වහන්සේලාවද ආදර්ශයට ගනිමින් සිතේ සතුටෙන් කළ හැක.
1. මෙතැන් පටන් මම, සිතින් සිදුවිය හැකි, ව්‍යාපාදයෙන් වළකිමි. රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි
2. මෙතැන් පටන් මම, සිතින් සිදුවිය හැකි, අභිධ්‍යාවෙන් වළකිමි. රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි
3. මෙතැන් පටන් මම, සිතින් සිදුවිය හැකි, මිථ්‍යාදෘෂ්ටිය ප්‍රහාණය කිරීමේ ප්‍රතිපදාවේ  යෙදෙන්නෙමි. රහතන් වහන්සේලා විසින් ඉතිරි නැතිවම ප්‍රහාණය කරන ලද්දක් සඳහා උත්සාහ කරමි.
4. මෙතැන් පටන් මම, කයින් සිදුවිය හැකි, ප්‍රාණඝාතයෙන් වළකිමි. රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි
5. මෙතැන් පටන් මම, කයින් සිදුවිය හැකි, සොරකම් කිරීමෙන් වළකිමි. රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි
6. මෙතැන් පටන් මම, කයින් සිදුවිය හැකි, කාමමිථ්‍යාචාරයෙන් වළකිමි. රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි
7. මෙතැන් පටන් මම, වචනයෙන් සිදුවිය හැකි, බොරු කීමෙන් වළකිමි. රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි
8. මෙතැන් පටන් මම, වචනයෙන් සිදුවිය හැකි, කේළාම් කීමෙන් වළකිමි. රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි
9. මෙතැන් පටන් මම, වචනයෙන් සිදුවිය හැකි, නපුරුවචන කීමෙන් වළකිමි. රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි
10. මෙතැන් පටන් මම, වචනයෙන් සිදුවිය හැකි, හිස් වචන කීමෙන් වළකිමි. රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි
මීට අමතරව, ඔබ වඩාත් පුරුදු කරන ලද ඕනෑම ශීලයක් සමාදන් වීම තව තවත් ඔබගේ වටිනාකම/පෞර්ෂත්වය ඉහල දැමීමට ඒකාන්තයෙන් සමර්ථ වේ. එනම් පන්සිල්, අජීව අෂ්ඨමක ශීලය. නවාංග උපෝසථ ශීලය, හැකි නම් දස ශීලය යන ඕනෑම එකක් භාවිත කිරීම ඔබට මෙලොව පරලොව සියළු සම්පත් ගෙන දීමට සමර්ථ වන්නේ එම බලගතු ශීල සමාදාන කුසළයන්ගේ සුඛ විපාක වශයෙනි.
බෞද්ධයෙක් විසින් දවස පටන් ගත යුතු ආකාරය දැක්වූ අපගේ ලිපි මාලාවේ 5 වන පියවර මෙය ලෙස අපි හඳුන්වා දෙන්නෙමු.මෙම ලිපිය බෙදා හැරීමෙන් ඔබ හඳුනන සියළු බෞද්ධයෝ උපාසක, උපාසිකා රත්නයන් බවට පත් කිරීමට සහය වන්න.