Tuesday, July 17, 2012

චූල කම්ම විභංග සූත්‍රය


1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම්වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි තොදෙය්‍ය බ්‍රාහ්මණයාගේ පුත්‍රවූ සුභ නම් මානවකතෙමෙ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වූයේය. සතුටුවිය යුතුවූ සිහි කටයුතුවූ කථා කොට නිමවා, එක් පසක හුන්නේය. එක් පසක හුන්නාවුම තොදෙය්‍ය පුත්‍රවූ සුභ නම් මානවක තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය.


2. ´´භවත් ගෞතමයන් වහන්ස, යම් හෙයකින් මිනිස්ව උපන්නාවූ මනුෂ්‍යයන්ගේ ම උස් පහත් කම් දක්නා ලාබෙත්ද, එයට හේතු කවරේද, එයට කරුණු කවරේද? භවත් ගෞතමයන් වහන්ස, ස්වල්ප ආයුෂ ඇත්තාවූ මනුෂ්‍යයෝ දක්නා ලැබෙත්. දීර්ඝායුෂ ඇත්තාවූ මනුෂ්‍යයෝ දක්නා ලැබෙත්. බොහෝ රෝගාබාධ ඇති මනුෂ්‍යයෝ දක්නා ලැබෙත්. ස්වල්ප රෝගාබාධ ඇති මනුෂ්‍යයෝ දක්නා ලැබෙත්. අවලක්ෂණ මනුෂ්‍යයෝ දක්නා ලැබෙත්. ලක්ෂණ මනුෂ්‍යයෝ දක්නා ලැබෙත්. ස්වල්ප පිරිස් ඇත්තාවූ මනුෂ්‍යයෝ දක්නා ලැබෙත්. බොහෝ පිරිස් ඇත්තාවූ මනුෂ්‍යයෝ දක්නා ලැබෙත්. ස්වල්ප සම්පත් ඇති මනුෂ්‍යයෝ දක්නා ලැබෙත්. බොහෝ සම්පත් ඇති මනුෂ්‍යයෝ දක්නා ලැබෙත්. පහත් කුල ඇති මනුෂ්‍යයෝ දක්නා ලැබෙත්. උසස් කුල ඇති මනුෂ්‍යයෝ දක්නා ලැබෙත්. නුවණැති මනුෂ්‍යයෝ දක්නා ලැබෙත්. නුවණ නැති මනුෂ්‍යයෝ දක්නා ලැබෙත්. භවත් ගෞතමයන් වහන්ස, යම් හෙයකින් මිනිස්ව උපන්නාවූ මනුෂ්‍යයන්ගේම මෙසේ උස් පහත් කම් දක්නා ලැබෙත්ද, ඊට හේතු කවරේද, කරුණු කවරේද´´ යනුයි.


3. ´´මානවකය, සත්වයෝ කර්මයම තමා අයත් දෙය කොට ඇත්තාහ. කර්මය දායාදය (වස්තුව) කොට ඇත්තාහ. කර්මයම කාරණය කොට ඇත්තාහ. කර්මයම නෑයන් කොට ඇත්තාහ. කර්මයම පිළිසරණ කොට ඇත්තාහ. කර්මය ඒ මේ උස් පහත් බැව් පිණිස සත්වයන් බෙදන්නේය.´´


4. ´´මම, භවත් ගෞතමයන් වහන්සේ විසින් කොටින් කියන ලද විස්තර වශයෙන් අර්ථ බෙදා නොදක්වන ලද මේ ධර්මයාගේ අර්ථය විස්තර වශයෙන් නොදනිමි. යම්සේ මම භවත් ගෞතමයන් වහන්සේ විසින් කොටින් කියන ලද විස්තර වශයෙන් අර්ථ බෙදා නොදක්වන ලද ධර්මයාගේ අර්ථය විස්තර වශයෙන් දැන ගන්නෙම්ද, එපරිද්දෙන් භවත් ගෞතමයන් වහන්සේ මට දේශනා කළහොත් මැනවැයි´´ කීය.


5. ´´මානවකය, එසේ වී නම් අසව, යහපත්කොට මෙනෙහි කරව, කියන්නෙමියි´´ (වදාළේය.) ´එසේය, පින්වතුන් වහන්සැයි´´ කියා, තොදෙය්‍ය පුත්‍ර සුභ නම් මානවක තෙමේ භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නේය. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළේය.
´´මානවකය, මේ ලෝකයෙහි ඇතැම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ රෞද්‍රවූයේ ලේ තැවරුණු අත් ඇත්තේ නැසීමෙහි වැනසීමෙහි යෙදුනේ, සියලු ප්‍රාණීන් කෙරෙහි කරුණා නැති බවට පැමිණියේ සතුන් මරන්නේ වේද, හෙතෙම මෙසේ සම්පූර්ණ කළාවූ මෙසේ සමාදන්වූ, ඒ මේ කර්මය හේතුකොටගෙන ශරීරයාගේ මිදීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ දුකට ස්ථානවූ නොකැමැත්තෙන් වැටෙන්නාවූ නිරයෙහි උපදියි. ඉදින් ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ දුකට ස්ථානවූ නොකැමැත්තෙන් වැටෙන්නාවූ නිරයෙහි නූපදීද, ඉදින් මිනිසත් බවට පැමිණේද, යම් යම් තැනක පසුව උපදීද, ස්වල්ප ආයුෂ ඇත්තෙක් වෙයි. මානවකය, රෞද්‍රවූයේ ලේ තැවරුණු අත් ඇත්තේ සතුන් නැසීමෙහි වැනසීමෙහි යෙදුනේ සියලු ප්‍රාණීන් කෙරෙහි කරුණාවක් නැති බවට පැමිණියේ සතුන් මරන්නේ වේ නම්, මේ පැවැත්ම අල්පායුෂ බව පිණිස පවත්නේ වෙයි.


6. ´´මානවකය, මේ ලෝකයෙහි වනාහි ඇතැම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ප්‍රාණඝාතය හැර ප්‍රාණඝාතයෙන් වැළකුනේ වේද, බහා තබන ලද දඬු මුගුරු ඇත්තේ බහා තබන ලද ආයුධ ඇත්තේ, ලජ්ජා ඇත්තේ, කරුණාවට පැමිණියේ, සියලු සතුන් කෙරෙහි හිතානුකම්පා ඇත්තේ වාසය කෙරේද, හෙතෙම මෙසේ සම්පූර්ණ කරණ ලද මෙසේ සමාදන් වන ලද ඒ කර්මය හේතුකොටගෙන ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති සැපයෙන් යුක්තවූ දිව්‍යලොකයෙහි උපදියි. ඉදින් ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සුගතියවූ දිව්‍යලෝකයෙහි නූඋපදීද,
ඉදින් මිනිසත් බවට පැමිණේද, යම් යම් තැනෙක්හි පසුව උපදීද, දීර්ඝායුෂ ඇත්තේ වේ. මානවකය, ප්‍රාණඝාතය හැර ප්‍රාණඝාතයෙන් වැළකුනේ බහා තබනලද දඬු ඇත්තේ බහා තබනලද ආයුධ ඇත්තේ ලජ්ජා ඇත්තේ දයාවට පැමිණියේ සියලු සතුන් කෙරෙහි හිතානුකම්පා ඇතිව වාසය කෙරේ නම් මෙ පැවැත්ම දීර්ඝායුෂ පිණිස පවත්නේ වෙයි.


7. ´´මානවකය, මේ ලෝකයෙහි වනාහි ඇතැම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ අත්න් හෝ කැටයකින් හෝ දන්ඩෙන් හෝ ආයුධයෙන් හෝ සතුන්ට හිංසා කරණ ස්වභාව ඇත්තේද, හෙතෙම මෙසේ සම්පූර්ණ කරණ ලද මෙසේ සමාදන්වන ලද ඒ කර්මය හේතුකොටගෙන ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැප නැත්තාවූ දුකෙන් යුක්තවූ නොකැමැත්තෙන් වැටෙන්නාවූ නිරයෙහි උපදියි. ඉදින් ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැප නැත්තාවූ දුකින් යුක්තවූ, නොකැමැත්තෙන් වැටෙන්නාවූ නිරයෙහි නූපදී නම්, ඉදින් මිනිසත් බවට පැමිණේ නම් යම් යම් තැනක පසුව උපදීද, බොහෝ රෝග ඇත්තේ වෙයි. මානවකය, සත්වයන්ට අතින් හෝ කැටින් හෝ දඬුයෙන් හෝ ආයුධයෙන් හෝ හිංසා කරණ ස්වභාව ඇත්තේ වෙයි නම්, මේ පැවැත්ම බොහෝ රෝග සහිත වීම පිණිස පවත්නේය.


8. ´´මානවකය, මේ ලෝකයෙහි ඇතැම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ සතුන්ට අතින් හෝ කැටකින් හෝ දණ්ඩනේ හෝ ආයුධයෙන් හෝ හිංසා නොකරණ ස්වභාව ඇත්තේ වේද, හෙතෙම මෙසේ සම්පූර්ණ කළාවූ මෙසේ සමාදන්වූ ඒ කර්මය හේතුකොටගෙන ශරීරයාගේ බිඳීමෙන්
මරණින් මත්තෙහි යහපත් ගති ඇති දිව්‍යලෝකයෙහි උපදියි. ඉදින් ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති දිව්‍යලෝකයෙහි නූපදී නම්, ඉදින් මිනිසත් බවට පැමිණේ නම් යම් යම් තැනක පසුව උපදීද, ස්වල්ප රෝග ඇත්තේ වේ. මානවකය, සතුන්ට අතින් හෝ කැටයෙන් හෝ දණ්ඩෙන් හෝ ශස්ත්‍රයෙන් හෝ හිංසා නොකරණ ස්වභාව ඇත්තේ නම් මේ පැවැත්ව අඩු රෝග ඇති බව පිණිස පවත්නේය.


9. ´´මානවකය, මේ ලෝකයෙහි වනාහි ඇතැයි ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ද්වේෂය බහුලකොට ඇත්තේ කිපෙන සුථ වේද, සුලු දෙයක් කියන ලදුවත් ගැටේද කිපේද, විරුද්ධ බවට පැමිණේද, කෝපයත් ද්වේෂයත් නොසතුටු බවත් පහළ කෙරේද, හෙතෙම මෙසේ සම්පූර්ණ කළාවූ මෙසේ සමාදන්වූ, ඒ කර්මය හේතුකොටගෙන ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි සැප නැත්තාවූ, දුකට ස්ථානවූ නොකැමැත්තෙන් වැටෙන්නාවූ, නිරයෙහි උපදියි. ඉදින් ශරීරයාගේ භේදයෙන් මරණින් මතු සැප නැත්තාවූ දුකට ස්ථානවූ නොකැමැත්තෙන් වැටෙන්නාවූ, නිරයෙහි නූපදී නම්, ඉදින් මිනිසත් බවට පැමිණේ නම්, යම් යම් තැනක පසුව උපදීද, ඒ කර්මය හේතුකොටගෙන අවලක්ෂණ වූවෙක් වේ. මානවකය, කිපෙන සුථවූයෙන් ද්වේෂය බහුල කොට ඇත්තේ වේද, ස්වල්ප දෙයක් කියන ලදුවත් ගැටේද, කිපේද, විරුද්ධ බවට පැමිණේද, නොසතුටු වේද, කෝපයත් ෙවෂයත්, නොසතුටත් ප්‍රකාශ කෙරේ නම් මේ පැවැත්ව අවලක්ෂණවීම පිණිස පවත්නේය.


10. ´´මානවකය, මේ ලෝකයෙහි වනාහි ඇතැම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙන් හෝ ෙවෂය බහුල කොට නැත්තේ නො කිපෙන ස්වභාව ඇත්තේ වේද, බොහෝ දෙයක් කියන ලදුවද නොගැටේද, නොකිපේද, විරුද්ධ බවට නොපැමිණේද, නොසතුටට නොපැමිණේද, කෝපයත් ෙවෂයත් නොසතුටු බවත් පහළ නොකෙරේද, හෙතෙම මෙසේ සම්පූර්ණ කළාවූ මෙසේ සමාදන්වූ ඒ කර්මය හේතුකොටගෙන ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි යහපත් ගති ඇති දිව්‍යලෝකයෙහි උපදියි. ඉදින් ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති දිව්‍යලෝකයෙහි නූපදී නම්, ඉදින් මිනිසත් බවට පැමිණේ නම් යම් යම් තැනක පසුව උපදීද, ප්‍රසාදය එළවන ලක්ෂණ වූවෙක් වෙයි. මානවකය, නොකිපෙන ස්වභාව ඇත්තේ ෙවෂය බහුල කොට නැත්තේ වේද, බොහෝ කොට කියන ලදුවත් නොගැටේද, නොකිපේද විරුද්ධ බවට නොපැමිණේද, නොසතුටට නොපැමිණේද, කෝපයත් ෙවෂයත් නොසතුටත් පහළ නොකෙරේ නම් මේ පැවැත්ව ලක්ෂණ වීම පිණිස පවත්නේය.


11. ´´මානවකය, මේ ලෝකයෙහි වනාහි ඇතැම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ඊෂ්‍යා සහගත සිත් ඇත්තේ වේද, අනුන්නගේ ලැබීමය, සත්කාරය, ගරු කිරීමය, බුහුමන් කිරීමය, වැඳීමය, පිඳීමය යන මොවුන් කෙරෙහි ඊෂ්‍යා කෙරේද, ඊෂ්‍ර්‍යාවෙන් කිපෙයිද, ඊෂ්‍ර්‍යාව බැඳ ගනීද, හෙතෙම මෙසේ සම්පූර්ණ කළාවූ මෙසේ සමාදන්වූ, ඒ කර්මය හේතුකොටගෙන ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි සැපනැත්තාවූ, දුකට ස්ථානවූ, නොකැමැත්තෙන් වැටෙන්නාවූ නිරයෙහි උපදියි. ඉදින් ශරීරයාගේ භේදයෙන් මරණින් මතු සැප නැත්තාවූ දුකට ස්ථානවූ, නොකැමැත්තෙන් වැටෙන්නාවූ නිරයෙහි නූපදී නම්, ඉදින් මිනිසත් බවට පැමිණේ නම්, යම් යම් තැනක පසුව උපදීද, අල්පෙශාක්‍ය (මද පිරිවර ඇත්තේ) වෙයි. මානවකය, ඊෂ්‍ර්‍යා සහගත සිත් ඇත්තේද, අනුන්ගේ ලාභයෙහි, සත්කාරයෙහි, ගරුකාරයෙහි, බුහුමන් කිරීමෙහි, වැඳීමෙහි සහ පිඳීමෙහි, ඊෂ්‍ර්‍යා නොකෙරේද, ඊෂ්‍ර්‍යාවෙන් ක්‍රොධ නොකෙරේද, ඊෂ්‍ර්‍යාව බැඳගනියි නම්, මේ පැවැත්ම අල්පෙශාක්‍යවීම පිණිස පවත්නේය.


12. ´´මානවකය, මේ ලෝකයෙහි වනාහි ඇතැම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ඊෂ්‍ර්‍යා සහගත සිත් ඇත්තේ නොවේද, අනුන්ගේ ලාභය, සත්කාරය, ගෞරව කිරීමය, බුහුමන් කිරීමය, වැඳීමය, පිදීමය යන මොවුන් කෙරෙහි ඊෂ්‍ර්‍යා නොකෙරේද, ඊෂ්‍ර්‍යාවෙන් නොකිපේද, ඊෂ්‍ර්‍යාව නොබැඳ ගනීද, හෙතෙම මෙසේ සම්පූර්ණ කළාවූ, මෙසේ සමාදන්වූ, ඒ කර්මය හේතුකොටගෙන ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි යහපත් ගති ඇති දිව්‍යලෝකයෙහි උපදියි. ඉදින් ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති දිව්‍යලෝකයෙහි නූපදී නම්, ඉදින් මිනිසත්බවට පැමිණේ නම් යම් යම් තැනක පසුව උපදීද, මහෙශාක්‍යවේ. (බොහෝ පිරිවර ඇත්තේ) වේ. මානවකය, ඊෂ්‍ර්‍යා සහගත සිත් ඇත්තේ නොවෙයි නම්, අනුන්ගේ ලාභය, සත්කාරය, ගරු කිරීමය, බුහුමන් කිරීමය, වැඳීමය, පිදීමය යන මොවුන් කෙරෙහි ඊෂ්‍ර්‍යා නොකෙරේ නම්, ඊෂ්‍ර්‍යාවෙන් නොකිපේ නම්, ඊෂ්‍ර්‍යාව නොබැඳ ගනියි නම් මේ පැවැත්ම මහෙශාක්‍යවීම පිණිස පවත්නේය.


13. ´´මානවකය, මේ ලෝකයෙහි වනාහි, ඇතැම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ශ්‍රමණයෙකුට හෝ බ්‍රාහ්මණයෙකුට ්ෙහා් ආහාරය, පානවර්ගය, වස්ත්‍රය, යානය, මල්ගඳ විලවුන්ය.
සයනය, ආවාසය, පහන්ය යන මෙය, නොදෙන්නේ වේද, හෙතෙම මෙසේ සම්පූර්ණ කළාවූ, මෙසේ සමාදන්වූ, ඒ කර්මය හේතුකොටගෙන ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි සැප නැත්තාවූ, දුකට ස්ථානවූ, නොකැමැත්තෙන් වැටෙන්නාවූ නිරයෙහි උපදියි. ඉදින් ශරීරයාගේ භේදයෙන් මරණින් මතු සැප නැත්තාවූ, දුකට ස්ථානවූ නොකැමැත්තෙන් වැටෙන්නාවූ නිරයෙහි නූපදී නම්, ඉදින් මිනිසත් බවට පැමිණේ නම්, යම් යම් තැනක පසුව උපදීද, ස්වල්ප සම්පත් ඇත්තේ වේ. මානවකය, ශ්‍රමණයකුට හෝ බ්‍රාහ්මණයෙකුට හෝ ආහාරය, පානය, වස්ත්‍රය, යානය මල්ගඳ විලවුන්ය, සයනය, ආවාසය, පහන්ය යන මෙය නොදෙන්නේ නම් මේ පැවැත්ම ස්වල්ප සම්පත් ඇතිවීම පිණිස පවත්නේය.


14. ´´මානවකය, මේ ලෝකයෙහි ඇතැම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ශ්‍රමණයකුට හෝ බ්‍රාහ්මණයෙකුට හෝ ආහාරය, පානය, වස්ත්‍රය, යානය, මල්ගඳ විලවුන්ය, සයනය, ආවාසය, පහන්ය, යන මෙය දෙන්නේ වේද, හෙතෙම මෙසේ සම්පූර්ණ කළාවූ, මෙසේ සමාදන්වූ, ඒ කර්මය හේතුකොටගෙන ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි යහපත් ගති ඇති දිව්‍යලෝකයෙහි උපදියි. ඉදින් ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති දිව්‍යලෝකයෙහි නූපදී නම්, ඉදින් මිනිසත් බවට පැමිණෙත් නම් යම් යම් තැනක පසුව උපදීද, මහත් සම්පත් ඇත්තේ වේ. මානවකය, ශ්‍රමණයෙකුට හෝ බ්‍රාහ්මණයෙකුට හෝ ආහාරය, පානය, වස්ත්‍රය, යානය, මල්ගඳවිලවුන්ය, සයනය, ආවාසය, පහන්ය යන මෙය, දෙන්නේ වේ නම් මේ පැවැත්ම බොහෝ සම්පත් ඇතිවීම පිණිස පවත්නේය.


15. ´´මානවකය, මේ ලෝකයෙහි ඇතැම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ තදවූයේ අධික මානය ඇත්තේ වේද, වැඳිය යුත්තාට නොවඳීද, දැක හුනස්නෙන් නැගිටිය යුත්තාට නොනැගිටියිද, ආසනය දිය යුත්තාට ආසනය නොදේද, මාර්ගය දියයුත්තාට මාර්ගය නොදේද, සත්කාර කළයුත්තාට සත්කාර නොකෙරේද, ගෞරව කළයුත්තාට ගෞරව නොකෙරේද, බුහුමන් කළයුත්තාට බුහුමන් නොකෙරේද, පිදිය යුත්තාට නොපුදාද, හෙතෙම ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි යහපත් ගති ඇති දිව්‍යලෝකයෙහි උපදියි. ඉදින් ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති දිව්‍යලෝකයෙහි නූපදී නම්, ්ඉදින් මිනිසත් බවට පැමිණේනම්, යම් යම් තැනක පසුව උපදීද, මෙසේ සමාදන්වූ, ඒ කර්මය හේතුකොටගෙන ශරීරයාගේ බිඳීමෙන් ම්රණින් මත්තෙහි සැප නැත්තාවූ, දුකට ස්ථානවූ, නොකැමැත්තෙන් වැටෙන්නාවූ, නිරයෙහි උපදියි. ඉදින් ශරීරයාගේ භේදයෙන් මරණින් මතු සැප නැත්තාවූ, දුකට ස්ථාන වූ නොකැමැත්තෙන් වැටෙන්නාවූ නිරයෙහි නූපදී නම්, ඉදින් මිනිසත් බවට පැමිණේ නම් යම් යම් තැනක පසුව උපදීද, හීනකුල ඇත්තෙක් වේ.
´´මානවකය, තදසිත් ඇත්තේ අධික මාන ඇත්තේ වැඳිය යුත්තාට නොවඳියි නම් දැක හුනස්නෙන් නැගිටිය යුත්තාට නොනැටියි නම්, ආසනය දිය යුත්තාට ආසනය නොදෙයි නම්, මාර්ගය දියයුත්තාට මාර්ගය නොදෙයි නම්, සත්කාර කළයුත්තාට සත්කාර නොකරයි නම්, ගෞරව කළයුත්තාට ගෞරව නොකරයි නම්, බුහුමන් කළයුත්තාට බුහුමන් නොකරයි නම් පිදිය යුත්තාට නොපූදයි නම්, මේ පැවැත්ම හීන කුල ඇති බව පිණිස පවත්නේ වෙයි.


16. ´´මානවකය මේ ලෝකයෙහි ඇතැම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ තද සිත් නැත්තේ අධික මාන නැත්තේ වේද, වැඳිය යුත්තාට වඳීද, දැක හුනස්නෙන් නැගිටිය යුත්තාට නැගිටීද, ආසනය දිය යුත්තාට ආසනය දෙයිද, මාර්ගය දියයුත්තාට මාර්ගය දේද, සත්කාර කළයුත්තාට සත්කාර කෙරේද, ගෞරව කළයුත්තාට ගෞරව කෙරේද, බුහුමන් කළයුත්තාට බුහුමන් කෙරේද, පිදිය යුත්තාට පුදාද, හෙතෙම ශරීරයාගේ බිඳීමෙන් ම්රණින් මත්තෙහි යහපත් ගති ඇති දිව්‍යලෝකයෙහි උපදියි. ඉදින් ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති දිව්‍යලෝකයෙහි නූපදී නම්, ඉදින් මිනිසත් බවට පැමිණේ නම් යම් යම් තැනක පසුව උපදීද, උසස් කුල ඇත්තෙක්වේ.
මානවකය, තද සිත් නැත්තේ අධික මාන නැත්තේ වැඳිය යුත්තාට වඳියි නම් දැක හුනස්නෙන් නැගිටිය යුත්තාට නැගිටියි නම් ආසනය දියයුත්තාට ආසනය දෙයි නම්, මාර්ගය දිය යුත්තාට මාර්ගය දෙයි නම, සත්කාර කළයුත්තාට සත්කාර කරයි නම්, ගෞරව කළයුත්තාට ගෞරව කරයි නම්, බුහුමන් කළයුත්තාට බුහුමන් කරයි නම්, පිඳිය යුත්තාට පුදායයි නම්, මේ පැවැත්ම උසස් කුල ඇති බව පිණිස පවත්නේය.


17. ´´මානවකය, මේ ලෝකයෙහි ඇතැම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ වෙත පැමිණ, ´´ස්වාමීනි, කුසල් කවරේද, අකුසල් කවරේද, වරද සහිත දෙය කවරේද, වරද රහිත දෙය කවරේද, සේවනය කටයුත්ත කවරේද, සේවනය නොකටයුත්ත කවරේද, කරනු ලබන්නාවූ කවර දෙයක් මට බොහෝ කලක් අවැඩ පිණිස දුක් පිණිස වේද, කරනු ලබන්නාවූ කිනම් දෙයක් මට බොහෝ කලක් වැඩ පිණිස වේදැයි නොඅසන්නේ වේද, හෙතෙම මෙසේ සම්පූර්ණ කළාවූ, මෙසේ සමාදන්වූ, ඒ කර්මය හේතුකොටගෙන ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි යහපත් ගති ඇති දිව්‍ය ලෝකයෙහි උපදියි. ඉදින් ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති දිව්‍ය ලෝකයෙහි නූපදී නම් ඉදින් මිනිසත් බවට පැමිණේ නම් යම් යම් තැනක පසුව උපදීද, මෙසේ සමාදන්වූ ඒ කර්මය හේතුකොටගෙන ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි සැප නැත්තාවූ දුකට ස්ථානවූ නොකැමැත්තෙන් වැටෙන්නාවූ නිරයෙහි උපදියි. ඉදින් ශරීරයාගේ භේදයෙන් මරණින් මතු සැප නැත්තාවූ දුකට ස්ථානවූ නොකැමැත්තෙන් වැටෙන්නාවූ නිරයෙහි නූපදී නම්, ඉදින් මිනිසත් බවට පැමිණේ නම් යම් යම් තැනක පසුව උපදීද, අඥානයෙක් වෙයි.


මානවකය, ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ වෙත පැමිණ, ස්වාමීනි, කුසල් කවරේද? අකුසල් කවරක්ද? වරද සහිත දෙය කවරක්ද? වරද රහිත දෙය කවරක්ද? සේවනය කළයුත්ත කවරක්ද, සේවනය නොකළයුත්ත කවරක්ද? කරනු ලබන්නාවූ කවර දෙයක් මට බොහෝ කලක් අවැඩ පිණිස, දුක් පිණිස වේද? කරනු ලබන්නාවූ කවර නම් දෙයක් හෝ මට බොහෝ කලක් වැඩ පිණිස සැප පිණිස වේදැයි නොඅසන්නේ වේ නම්, මේ පැවැත්ම අඥානවීම පිණිස පවත්නේය.


18. ´´මානවකය, මේ ලෝකයෙහි වනාහි ඇතැම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ වෙත එළඹ, ´´ස්වාමීනි, කුසලය කවරක්ද? අකුසලය කවරක්ද?
වරද සහිත දෙය කවරක්ද? සේවය නොකළයුත්ත කවරක්ද? කරනු ලබන්නාවූ කවරක් මට බොහෝ කලක් අවැඩ පිණිස, දුක් පිණිස වේද? කරනු ලබන්නාවූ කවර දෙයක් මට බොහෝ කලක් වැඩ පිණිස, සැප පිණිස වේදැයි අසන්නේ වේද, හෙතෙම මෙසේ සම්පූර්ණ කළාවූ, මෙසේ සමාදන්වූ ඒ කර්මය හේතුකොටගෙන ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි යහපත් ගති ඇති දිව්‍ය ලෝකයෙහි උපදියි. ඉදින් ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති දිව්‍ය ලෝකයෙහි නූපදීනම්, ඉදින් මිනිසත් බවට පැමිණේ නම් යම් යම් තැනක පසුව උපදීද,
මානවකය, ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ වෙතට පැමිණ, ´ස්වාමීනි, කුසල් කවරක්ද? අකුසල් කවරක්ද? ව්රද සහිත දෙය කවරක්ද? වරද රහිත දෙය කවරක්ද? සේවනය කළයුත්ත කවරක්ද? සේවනය නොකළයුත්ත කවරක්ද? කරනු ලබන්නාවූ කවරක් මට බොහෝ කලක් අවැඩ පිණිස, දුක් පිණිස වේද? කරනු ලබන්නාවූ කවර දෙයක් හෝ මට බොහෝ කලක් වැඩ පිණිස, සැප පිණිස වේදැයි අසන්නේ වේ නම් මේ පැවැත්ම මහත් නුවණැති බව පිණිස පවත්නේය.


19. ´´මහණෙනි, මේ ලෝකයෙහි ස්වල්ප ආයුෂ පිණිස පවත්නාවූ ප්‍රතිපදාව ස්වල්ප ආයුෂ ඇති බවට පමුණුවයි. දීර්ඝායුෂ පිණිස පවත්නාවූ ප්‍රතිපදාව දීර්ඝායුෂ ඇති බවට පමුණුවයි. බොහෝ ආබාධ ඇතිවීම පිණිස පවත්නාවූ ප්‍රතිපදාව, බොහෝ ආබාධ ඇති බවට පමුණුවයි. ස්වල්ප වූ ආබාධ ඇතිවීම පිණිස පවත්නාවූ ප්‍රතිපදාව ස්වල්පවූ ආබාධ ඇති බවට පමුණුවයි. අවලක්ෂණවීම පිණිස පවත්නා ප්‍රතිපදාව අවලක්ෂණවීම පමුණුවයි. ලක්ෂණවීම පිණිස පවත්නා වූ ප්‍රතිපදාව ලක්ෂණ ඇති බවට පමුණුවයි. අල්පේශාක්‍ය බව පිණිස පවත්නාවූ ප්‍රතිපදාව අල්පේශාක්‍ය බවට පමුණුවයි. මහෙශාක්‍ය බව පිණිස පවත්නාවූ ප්‍රතිපදාව මහේශාක්‍ය බවට පමුණුවයි. ස්වල්ප සම්පත් ඇතිවීම පිණිස පවත්නාවූ ප.්‍රතිපදාව ස්වල්පවූ සම්පත් ඇති බවට පමුණුවයි. මහත්වූ සම්පත් ඇතිවීම පිණිස පවත්නාවූ ප්‍රතිපදාව මහත් සම්පත් ඇත ි බවට පමුණුවයි. පහත් කුලවල ඉපදීම පිණිස පවත්නාවූ ප්‍රතිපදාව පහත් කුල ඇති බවට පමුණුවයි. උසස් කුලවල ඉපදීම පිණිස පවත්නාවූ ප්‍රතිපදාව උසස් කුල ඇති බවට පමුණුවයි. අඥානභාවය පිණිස පවත්නාවූ ප්‍රතිපදාව අඥාන බවට පමුණුවයි. මහත්වූ ප්‍රඥාව ඇතිවීම පිණිස පවත්නාවූ ප්‍රතිපදාව මහත්වූ ප්‍රඥා ඇති බවට පමුණුවයි.


20. ´´මානවකය, සත්වයෝ කර්මය තමන් අයත් දෙය කොට ඇත්තාහ කර්මය උරුමකොට ඇත්තාහ. කර්මය කරණකොට ඇත්තාහ. කර්මය නෑයන්කොට ඇත්තාහ. කර්මය පිහිටකොට ඇත්තාහ. කර්මයතෙම සත්වයන් උස් පහත් කොට බෙදන්නේ යයි වදාළේය. මෙසේ වදාළ කල්හි තොදෙය්‍යපුත්‍රවූ සුභ නම් මානවක තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය.
භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත. යම්සේ යටිකුරු කොට තබන ලද්දක් උඩුකුරු කරන්නේ හෝ වේද, වසා තබන ලද්දක් වැසුම් අරින්නේ හෝ වේද, මංමුලා වූවෙකුට මග කියන්නේ හෝ වේද, අන්ධකාරයෙහි ඇස් ඇත්තේ රූප දකිත්වායි තෙල් පහනක් දරන්නේ හෝ වේද, එපරිද්දෙන් ම භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් අකාරයෙන් ධර්මය ප්‍රකාශ කරණ ලද්දේය. ඒ මම භාග්‍යවත්වූ ගෞතමයන් වහන්සේ සරණ කොට යමි. ධර්මයද භික්ෂු සංඝයාද (සරණ කොට යමි.)
භවත් ගෞතමයන් වහන්සේ අද පටන් දිවිහිම් කොට සරණ ගියාවූ උපාසකයෙකැයි මා දරණසේක්වා.

Tuesday, July 10, 2012

සොළොස්මස්ථාන

01. මහියංගනය

ශ්‍රී ලාංකේය වංශ කතාවලට අනුකුලව ගෞතම බුදුරඡාණන් වහන්සේගේ සිරිපා පහස ලැබු මුල්ම ප්‍රදේශය මහියංගනයයි. බුදත්වයෙන් නව වන මාසයේ දුරුතු පස‍ළොස්වක පොහොය දිනක බුදුරඡාණන් වහන්සේ යක්ෂ ගෝත්‍රික මිසදිටුවන්දමනය කර ලක්දිව බුදු සසුන පිහිටුවිමට සුදුසු දේශයක් බවට පත් කල බව මහාවංශය කියයි. බුදු බණ අසා සෝවාන් වු සුමන නම් දේව රාඡයා බුදුන් ගෙන් පුඡණීය වස්තුවක් ඉල්ලා සිටි අවස්ථාවේදී ලැබු කේෂ ධාතු බුදුන් වැඩසිටි ස්ථානය තුළ සත් රියන් චෛත්‍යක් කරවීය. එතැන් පටන් එය මහියංගන චෛත්‍ය හෙවත් මියුගුන සෑය ලෙස නම් විය.පසු කලෙක බුදුන්ලගේ ග්‍රීව ධාතුව තැන්පත් කරමින් විශාලත්වයෙන් යුතුව දුටු ගැමුණු රඡු විසින් චෛත්‍ය පිළිසකර කර ඇත.

වන්දනා ගාථාව

ලංකාය යත්ථ පඨමං භගවා නිසජ්ජ
යක්ඛේ දමේසි කතමිද්ධි තස්මිං
ගීවට්ටිධාතූ නිහිතඤ්චථ කේසධාතුං
වන්දාමි සාධු මහියංගන ථූපරාජං

►02. නාගදීපය

නකදිව් නමින් සෙල්ලිපි වල සඳහන් නාගදීපයට බුදුරඡාණන් වහන්සේ වැඩම කරන ලද්දේ බුදත්වයෙන් පස් වන වර්ෂයේය. චූලෝදර,මහෝදර යන නාග ගෝත්‍රික රඡුන් දෙදෙනා අතර පැවති අරගලය සංසිඳුවිමට බුදු රඡාණන් වහන්සේ නාගදිපයට වැඩම කරන ලදී. එහිදි කරුනු අවබෝධ කරගත් රඡවරු මැණික් පුටුව බුදුරඡාණන් වහන්සේ‍ට පුඡා කළහ. අවසානයේදී පූඡා වස්තුවක් ඉල්ලා සිටි අවස්ථාවේදි උන්වහන්සේ මැණික් පුටුවෙහි වැඩහිඳ පාරිභෝගික වස්තුවක් වශයෙන එම පුටුව නාගයන්ට පැවරැහ. නාගදීපයේ මුලික සිද්ධස්ථානය ගොඩනැගුනේ එම අරගලය බුදුරදුන් විසඳු ස්ථානයේදිය. එම ස්ථානය අදටත් නිශ්චය කර නොමැත.

වන්දනා ගාථාව

භගිනීසුත මාතුලේහි දින්නේ
මණිපල්ලංකවරේ යඟිං නිසින්නෝ,
මුණිධම්ම මදේසයී මුනීනං
සිරසා තං පණමාමි නාගදීපං

►03. කැළණිය

බුදු රඡාණන් වහන්සේගේ බුධත්වයෙන් අට වන වර්ෂයේ වෙසක් පුර පසළොස්වක පෝදා ලක්දිව කැළණියට වැඩම කරන ලද්දේ මණි අක්ඛික නා රඡුගේ ආරාධනාවකට අනුවය. එම රඡු බුදුරඡාණන් වහන්සේ වෙත වැඩ හිඳිමට මැණික් පුටුවක් තැනවීය. කැළණි දාගැබ තැනවී ඇත්තේ එම මැණික් පුටුව තැන්පත් කරමිනි. කැළණි විහාරය කැළණි තිස්ස රාඡ්‍ය කාලයේ විශාල භික්ෂු පිරිසක් වැඩසිටි බවට සාක්ෂි වේ.

වන්දනා ගාථාව

ආයාචනාය මණිඅක්ඛිමහෝරගස්ස
යස්මිං නිසීදි භගවා මණිමණ්ඩපස්මිං
තත්ථෙව කාරිතමිදං මණිපීඨයුත්තං
කල්‍යාණී චෙතියමහං සිරසා නමාමි

►04. ශ්‍රී පාදස්ථානය

බුදු රඡාණන් වහන්සේ තෙවන වර ලක්දිවට වැඩම කළ අවස්ථාවෙහි සමන්ත කූටයට වැඩම කර එහි සිරිපා සටහන් තැබු බවට අප‍ගේ පිළිගනිමයි. එසේම සොළොස්මස්ථානයට අයත් වු දිවා ගුහාවද සිරිපා අඩවිය ආසන්නයේම වන බව සැලකේ. කකුසඳ,කෝණාගම,කාශ්‍යප,ගෞතම යන සතර බුදු වරයන් වහන්සේගේම සිරිපා සටහන් සිර්පාදස්ථානයේ වන බව “අඔගමු”ලිපියේ සටහන් වේ.

වන්දනා ගාථාව

කල්‍යාණීතෝ ගගනතෝ මුණියත්ථ ගන්ත්වා
දස්සේයී චක්කවරලක්ඛණ පාදලඤ්ඡං
ලංකාමහීවරවධු මකුටෝපමානං
වන්දාමහං සුමණකූට සිලුච්චයන්තං

►05. දිවාගුහාව

සමනල කඳු සිරසෙහි සිරිප සලකුණ පිහිටවූ බුදුන් වහන්සේ පර්වත පාදයෙහි සමාධියෙන් වැඩසිට දිව විහරණය කල ස්ථානයයි. නිශ්ශංක මල්ල රජතුමා වැඳුම් පිදුම් කල ගිරි ලෙනකි. මෙම දිවා ගුහාව වර්තමානයෙහි හදුනාගෙන ඇත්තේ සිරිපා මලුවේ සි‍ට මහගිරිදඹය පසුකොට මඳ දුරක් පැමිණි විට වම්පසින් දක්නට ලැබෙන භගවාලෙනයි.

වන්දනා ගාථාව

ලංකා මහිවරවධු මකුටායමානේ
අස්මිං සමන්තගිරිමුද්ධනි යත්ථ ලේණේ
සත්ථා දිවාවිහරනණං හි විහාසි තස්මා
වන්දාමි දේවමහිතං හි දිවාගුහංතං

►06. දීඝවාපිය

බුදු රඡාණන් වහන්සේ තෙවන වර ලක්දිවට වැඩම කල අවස්ථාවේ දීඝවාපිය චෛත්‍ය වන ස්ථානයේ සමවත් සුවයෙන් වැඩසිටි බව සඳහන් වේ. ක්‍රි.පු 137 දී සද්ධා තිස්ස රඡතුමා විසින් කරවු දීඝවාපි චෛත්‍ය තුළ බුදුරඡාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේ තැන්පත් කර ඇති බව මහා වංශයේ සඳහන් වේ. එළාර දුටුගැමුණු සටනේදී සිංහල සේනාවන්ට සහල් සපයන ලද්දේ මෙම ප්‍රදේශයෙනි.

වන්දනා ගාථාව

නිසඡ්ඡ යස්මිං භගවා සසාවකෝ
ඛණං සමාපත්තිසුඛං සමප්පයී
සරීරධාතුං හි නිධාන කාරිතං
නමාමි චේතිං සිරි දීඝවාපිකං

►07. මුතියංගනය

දේවානම් පියතිස්ස රඡතුම ශ්‍රී මහා බෝධියේ දෙතිස් එල බෝධීන් වහන්සේලාගෙන් එක නමක් රෝපණය කරවා සර්වඥ ධාතුන් නිධන් කරවා ඇත. මුතියංගන විහාරය පිහිටා ඇත්තේ වර්තමාන බදුලු දිස්ත්‍රික්කයෙහිය. බුදුරජාණන්වහන්සේ ලක්දිවට වැඩම කළ තෙවැනි ගමනේදී මුතියංගන චෛත්‍යය පිහිටි ස්ථානයේ නිරෝධ සමාපත්තියට පැමිණි බවට විශ්වාස කෙරේ. මෙම සෑ ගර්භයේ බුදු සමිදුන්ගේ මුක්තක ධාතුන් වහන්සේ හා කේෂ ධාතුන් වහන්සේලා වැඩ සිටිති.බුදු රජාණන් වහන්සේ සෘධියෙන් ධාතූන් වහන්සේලා බවට පත් කල දාඩිය බිදු වැඩ සිටින ලොව එකම දාගැබ මෙයයි.

වන්දනා ගාථාව

විරාජිතං බුද්ධ ගුණෙන සබ්බදා
සුරක්ඛිතං ඉන්දක දේව තේජසා
ජයංගණං සීහල දීප වාසිනං
මුතිංගණං ථූප වරං නමාමි

සිංහල අර්ථය

සැමදා බුද්ධ ගුණයෙන් බබලන්නා වූ ද,ඉන්දක දෙවියන්ගේ තේජසින් ආරක්ෂාව ලබන්නා වූද සීහලදීප වාසීන්ගේ ජන්ම භූමියක් වන්නා වූද මුතියංගණ චෛත්‍ය රාජයාණන් වහන්සේට මම නමස්කාර කරමි.෴

►08. තිස්සමහාරාමය

බුදු රඡාණන් වහන්සේ තුන් වැනි ලංකා ගමනේදී සමවත් සුවයෙන් වැඩසිටි බව සඳහන් වේ.බුදු රඡාණන් වහන්සේගේ ලලාට ධාතුව මෙහි තැන්පත් කර ඇති බව විශ්වාසයක් පවතී. ක්‍රි.ව. 218 දී කාවන්තිස්ස රඡතුමා විසින් කරවන ලදී.

වන්දනා ගාථාව

නිධාය සෝවණ්ණ මුනින්ද බිම්බේ
පුණ්ණින්දු සංකාස ලළාටධාතුං
අකාරයී තිස්ස නරිස්සරෝතං
ථූපං ‍නමේ තිස්සමහාවිහාරේ

►09. ඡය ශ්‍රී මහා බෝධිය

දඔදිව බුද්ධගයාවේ පිහිටි ඡය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාව මෙයයි. සංඝමිත්තා රහත් මෙහෙනිය ශ්‍රී ලංක්වට වැඩම කිරිමෙන් පසුව දෙවන පෑතිස්ස රඡු විසින් මහමෙව්නා උයනේ රෝපනය කරවන ලදී.

සිද්ධාර්ථ ගෞතම තවුසාණන් බුද්ධත්වය ලැබුවේ උතුරු ඉන්දියාවේ බුද්ධගයාවේ බෝමැඩ එක් ඇසතු වෘක්ෂයක් යටදීය. බුද්ධත්වයෙන් පළමු සහ දෙවන සති දෙක ගත කළේ ද එම ඇසතු වෘක්ෂය ළගය. එසේ උන්වහන්සේ ගත කළේ ඇසතු ගසට කෘත ගුණ සැළකීමටය. බුද්ධත්වය ලැබීමට ආධාර වූ වෘක්ෂය නිසාම, එය බෞද්ධයන්ගේ ගෞරවාධරයට පත්විය. ඇත්තවශයෙන්ම මෙම නාමයේ අර්ථයට අනුව එය බෞද්ධයන්ගේ ඥාන වෘක්ෂයයි. බෝධි යන්නෙන් සතර මාර්ග ඥානය අදහස් වන බව පැරණි පොතපතෙහි සදහන් වේ.

අනුරාධපුර මහමෙව්නා උයනේ දැනට උඩ මළුව නමින් හැදින්වෙන ස්ථානයේ ඇති පෞරානික බෝධින් වහන්සේ, ඉන්දියාවේ බුද්ධගයාවේ බෝමැඩ මුල් ශ්‍රී මහ බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාව වේ. එය ශ්‍රී ලංකාවට ගෙනෙන ලද්දේ ක්‍රි.පූ. 3 වෙනි ශතවර්ශයේදී මිහිදු හිමියන්ගේ සහෝදරිය වූ සංඝමිත්තා මෙහෙණින් වහන්සේ ප්‍රරමුඛ භික්ෂූණීන් විසිනි. එය එසේ ශ්‍රී ලංකාවට එවීමට මිහිදු හිමියන්ගේ උපදෙස් පරිදි ක්‍රියා කළේ, එකල ඉන්දියාවේ අධිරාජයාව සිටි මිහිදු හිමියන්ගේ සහ සංඝමිත්තා මෙහෙණියගේ පියා වූ ධර්මාශෝක අධිරාජයා විසිනි. ධර්මාශෝක අධිරාජයාගේ වැඩියෙන්ම ආදරය හා ගෞරවයට පාත්රි වූ වටිනාම වස්තුව වුයේ ශ්‍රී මහ බෝධිය නිසා, එහි දක්ෂිණ ශාඛාව ශ්‍රී ලංකාවට ලබා දීමෙන් ශ්‍රී ලංකාව කෙරෙහිත් මෙහි බුදු දහම ව්යාාප්ත කිරිමට ක්‍රියා කළ තම පුතා සහ දියණිය කෙරෙහිත් දැක්වු සැළකිල්ල නිසා නොවන්නට එම බෝධි ශාඛාව අප රටට නො ලැබෙන්න බෝහෝ ඉඩ තිබුණි.

අනුරාධපුර ශ්‍රී මහ බෝධිය පිහිටි භූමිය බුදුන් වහන්සේගේ පාදස්පර්ශයෙන් පූජනීයත්වයට පත්වු ස්ථානයක් බවට මහවංසයේ සදහන් වේ. මේ හේතුව නිසාම එම ස්ථානය ශ්‍රී මහ බෝධිය රෝපණය කිරිමට සුදුසු බව තීරණය කරන ලද්දේ මිහිදු හිමියන් විසින්මය.

අනුරාධපුර ශ්‍රී මහ බෝධිය රෝපණය කරන ලද්දේ ක්‍රි.පූ. 307 ට ආසන්න දිනයක බව, ඉතිහාසඥයන්ගේ අදහසයි. මිහිදු හිමියන්ගේ පැමිණිමට මාස හතරකට පසුව සංඝමිත්තා තෙරණිය බෝධි ශාඛාව රැගෙන ආවාය.

මහමෙව්නා අයනේ බෝධි රෝපණය විශාල ජනකායක් මධ්යනයේ සිදුවිය. එම අත්සවයට ඈත ප්රබදේශවලින්ද ජනයා පැමිණි බව වාර්තා වෙයි. රැහුණු කතරගම හා සදුන්ගම කෂ්ත්රිවයන්ගේ පැමිණිම ද සදහන් වේ. ඔවුන් බුදු රජාණන්වහන්සේගේ ඥාතිවරුන් ලෙස සැළකිය හැකි බව සනාථ වේ. එසේ නොවන්නට නම් එතරම් දුර බැහැරක සිට අනුරාධපුරයේ පැවති බෝධිරෝපණ උත්සවයට සහභාගි වීමට හේතුවක් නැත.

අනුරාධපුර ශ්‍රී මහ බෝධිය උස් බිමක රෝපණය කර එය වටා පනා බැමි සතරක් ද උඩට නැගීමට පියගැට පෙළක් ද ඉන්පසුව බෝධිය වටා පවුරක් හෝ වැටක් ද ඉදිකළ බව පොතපතෙහි සදහන් වේ.

දේවානම්පියතිස්ස රජු අනුරාධපුර මහමෙව්නා උයනේ ශ්‍රී මහ බෝධින් වහන්සේ රෝපණය කළේය. එම කාලයේදී බෝධින් වහන්සේ ජීවමාන බුදුන් වහන්සේ ලෙස සලකනු ලැබීය. පසුකාලවලදී සිංහල රජවරුන්ගේ අනුග්‍රහය ලැබීමට හේතු කාරක අපට පැහැදිලි වන්නේය. එනම් දේවානම්පියතිස්ස රජු, ශ්‍රී ලංකාව බෝධියට පූජා කර තිබීම නිසා, ශ්‍රී ලංකාවේ නියම හිමිකරු වන්නේ බුදුන්වහන්සේ ලෙස සැළකීම ප්‍රධාන හේතුවකි.

වන්දනා ගාථාව

යස්ස මුලේ නිසින්නෝව
සබ්බාරි විජයං අකා
පත්තෝ සබ්බංඤුතං සත්තා
වන්දේතං බෝධි පාදපං
ඉමේ ඒතේ මහා බෝධී
ලෝකනාතේන පූජිතා
අහංපිතේ නමස්සාමී

►10. මිරිසවැටිය

ක්‍රි.පු.101 දී දුටුගැමුණු රජතුමා විසින් කරවන ලද මුල්ම චෛත්‍යයි. 80 රියනක් උස වන අතර රජතුමාගේ ජය කොන්තය නිධන් කර සාදන ලදී. ක්‍රි.ව. 913-922 රජකළ පස්වන කාශ්‍යප රජතුමා විසින් ප්‍රතිසංස්කරණය කරන ලදී.

වන්දනා ගාථාව

අභයරාජ වරේන සධාතුකං
සුනිධහිත්ව කතං සකුන්තං
සකල සත්ත හිතං පණමේ සදා
මරිචවට්ටික චේතිය මුත්තමං

►11. රුවන්වැලි මහා සෑය

දුටුගැමුණු රඡු විසින් කරවා ඇත වැඩ අවසන් කරන ලද්දේ සද්ධාතිස්ස රජතුමා විසිනි. සතර බුදුවරුන් වැඩසිටි පාරිශූද්ධ භුමියක් වන අතරමෙම චෛත්‍ය මත බුද්ධ ශ්‍රී දේහය මොහොතක් දර්ශනය වු බව වංශ කථාවල සටහන් වේ. වට අඩි 100 ක් පමණ වන අතර ධාතු පරිනිර්වානයෙදී මෙම චෛත්‍ය මත බුද්ධ ශරීරය දර්ශනය වේ.

වන්දනා ගාථාව

අ‍ට්ඨංසු යස්මිං සුගතස්ස ධාතු
නිම්මාය රංසුජ්ජල බුද්ධරූපං
තං ගාමිණී රාජ කතං නමාමි
සුවණ්ණමාලී වරථූපරාජං

►12. ථුපාරාමය

සම්මා සම්බුදු රඡාණන් වහන්සේගේ අකු ධාතුව දේවානම් පියතිස්ස රඡතුමා විසින් ථුපාරාමයේ තැන්පත් කළ බව වංශකතා වල සඳහන් වේ. මෙය ශ්‍රී ලංකාවට බුදුදහම ගෙන ඒමෙන් පසු ප්‍රථමයෙන් ඉදිකළ චෛත්‍යයයි.

වන්දනා ගාථාව

පත්තප්පමාණං මුනිරාජධාතුයෝ
නිධාය ධාතුංපි ච දක්ඛිණක්ඛං
දේවාදිතිස්සේන කතං හි ථූපා
රාමාභිධානං පණමාමි භත්‍යා

►13. අභයගිරිය

බුදුරඡාණන් වහන්සේ තෙවන වර ලංකාවට වැඩම කිරිමෙන් පසු සමවත් සුවයෙන් වැඩසිටි බව සඳහන් වේ. වළගම්භා රඡු ලක්දිව සිහසුන හිමි කර ගැනීමේ ප්‍රීතිය නිමිත්තෙන් අභයගිරිය ඉදිකළ බව වංශ කථාවල සඳහන් වේ. නිකාය භේධය ශ්‍රී ලංකාව තුල ආරම්භ වුයේ අභයගිරිය මුල්කරගෙන ය. මහායාන භික්ෂුන් මෙහි වාසය කලෝය. ගජබා, වෝහාරතිස්ස, සේන සහ මහා පැරකුම්භා රජතුමන් විසින් විවිධ අවස්ථා වලදී ප්‍රතිසංස්කරණය කළහ.

වන්දනා ගාථාව

කත නවමණිකම්මේ , ධාතුගබ්බේ සුරම්මේ
කනක වසභකුච්ඡිං, ධාතුයා පූරයිත්ව
විහිතමභයරඤ්ඤා, ධම්ම ලේඛං ඨපෙත්වා
අභයගිරිවිහාරේ , චාරුථුපං නමාමි

►14. ජේතවනාරාමය

ක්‍රි.ව. 276-303 රජකළ මහසෙන් රජතුමා විසින් කරවන ලද්දකි. බුදුරඡාණන් වහන්සේගේ ඉණ බැඳි පටියෙහි කොටසක් ජේතවනාරාමයේ තැන්පත් කර ඇති බව විශ්වාසයක් ඇත. ලොව උසම හා විශාල තම චෛත්‍යය ද වේ.

වන්දනා ගාථාව

පතිට්ඨපෙත්වා ජිනකාය බන්ධනං
ත‍ථෙව සම්බුද්ධ සරීරධාතුයෝ
මහාමහාසේන නරින්දකාරිතං
සුචේතියං ජේතවනං නමාමි

►15. සෛල චෛත්‍යය

මෙම චෛත්‍යය ක්‍රි:ව: 8 දී මහාදාඨික මහානාග රජු විසින් බුදුරදුන්ගේ ඌර්ණ රෝම ධාතුව තැන්පත් කර උසින් අඩි150 ක් හා වට ප්‍රමාණය අඩි 700 ක් වන ලෙස සාදවා ඇත.මිහින්තලා පව්වෙහි ඇති මෙය කළු ගල් තලාවක් මත ගොඩනගා ඇති බැවින් මෙම නමින් ප්‍රකටව ඇත.

වන්දනා ගාථාව

සසාවකෝ යත්ත නිසජ්ජ සත්ථා
වරං සමාපත්ති සුඛං පවින්දි
ධාතුං පතට්ඨාපිත මුණ්ණරෝමං
සිලාමහාථූපමහං නමාමි

►16. කතරගම කිරිවෙහෙර

බුදු රඡාණන් වහන්සේ ශ්‍රාවක පිරිස සමග සමවත් සුවයෙන් වැඩසිටි බැවින් අති පාරිශුද්ධ පුඡා භුමියක් වේ. ශ්‍රී මහා බෝධින් වහන්සේ ලක්සිව පිහිට වු පසු එයින් හටගත් අංකුර අටක් ලක්දිව ස්ථාන අටක පිහිට වු බවත් ඉන් එක් පැලයක් කතරගම රෝපනය කළ බව කියැවේ.

වන්දනා ගාථාව

යහං සමාධිං ගතවා තහිං මුනී
නිසින්න සොණ්ණාසන කේස ධාතුකං
ලද්ධා මහාදසේන නරින්ද කාරිතං
නමාමහං කාචරගාම චේතියං

►►සොළොස්මස්ථාන වන්දනා ගාථාව

මහියංගනං නාගදීපං
කළ්‍යාණං පදලාංඡනං
දිවාගුහං දීඝවාපී
චේතියංච මූතියංගනං
තිස්සමහා විහාරංව
බෝධිමරිචවට්ටියං
සොණ්ණමාලී මහා චේතියං
ථූපාරාම භයාගිරං
ජේතවනං සේලචේතියං
තථා කාචරගාමකං
ඒ‍තේ සෝළසඨානානි
අහං වන්දාමි සබ්බදා.

Ven Borelle Kowida Thero - Sathi Sambojjangaya


Ven Borelle Kowida Thero - Nivana


Ven Borella Kowida Thero - Appamada Sutta


Dhanaya - Ven Borelle Kovidha Thero